රවි අධිකරණය හමුවට


හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  ඇතුළු   පස්  දෙනකු  අද සවස කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයට වෙත පැමිණියේය.

මහබැංකු බැඳුම්කර වංචා  සිද්ධිය සම්බන්ධ සැකකරුවන් ලෙස  වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට  කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන්  අද උදෑසන  නියෝගක් නිකුත් කර තිබුණි.

ඒ අනුව , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස්, එහි හිමිකරු ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන,චිත්ත රංජන් හුළුගල්ල  යන පිරිස මේ වන විට නීතිඥයින්  සමග අධිකරණයට පැමිණ ඇති බව ආරංචි වෙයි.



Recommended Articles