වසරකට එක් වරක් පමණක් අස්වැන්න ලබන රඹුටන් කල් තබා ගැනීමේ ක්‍රමයක් සකස්කර දෙන්නේ නම් රඹුටන් අපනයෙන් වැඩි ආදායමක් රටට උපයා දීමට හැකියාව පවතින බව ගම්පහ දිස්ත්‍රික්කයේ රඹුටන් වගාකරුවෝ පෙන්වා දෙති.
අතීතයේ මල්වාන රඹුටන් සදහා වැඩි වශයෙන් ප්‍රචලිතව තිබූ මුත් වර්තමානය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකම උසස් තත්ත්වයේ රඹුටන් වගාකිරීමට යොමුව ඇති අතර එම වගාකරුවන් පෙන්වා දෙනු ලබන්නේ වගාවේදී රෝග වැළඳීමත් ගැටළුවක්ව පවතින බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අදාල නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් විය යුතු බවය.
තවද වසරකට දෙවරක් ඵලදාව ගැනීමේ ක්‍රම පිළිබඳව වගාකරුවන්ට අවශ්‍ය දැනුම ලබා දීම පිනිස දැනුවත් කිරීම් ආදිය විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.
එසේම අවශ්‍ය පොහොර මිල ගණන් අධිකවීමත් රඹුටන් වගාවට අහිතකර ලෙස බලපා ඇති බවත් වගාකරුවන් සදහන් කරති .