රමිත් රඹුක්වැල්ලට අධි චෝදනා භාරදෙයි


අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (11දා) අධිචෝදනා භාරදී තිබේ.

එම නඩුව අද කොළඹ මහාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී  අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව අධිචෝදනා භාරදීම දෙනු ලැබිණ.

අනතුරුව විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.



Recommended Articles