රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි


එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ නොකර සිටියේය. 

මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මංගල සමරවීර මහතා සම්මත කළේය. කතිකයන් අදහස් දැක්විමෙන් අනතුරුව විද්‍යුත් ක්‍රමයට ඡන්ය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණ සමග ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

 



Recommended Articles