රනිල්ට ආන්ඩු අරන් දුන්නට පවත්වාගෙන යන්න බැ - ලක්ෂ්මන් කිරිඇල්ල


එජාප නායක රනිල් විත්‍රමසිංහ මහතාට කොයිතරම් මහන්සිවී ආණ්ඩු ලබාදුන්නත් ඒක පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවත් කොතරම් මහන්සි වී ආණ්ඩු බලය ලබා දුන්නත් නියමිත කාලය අවසන් වනතුරු ඒ කිසිදු ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වූ බව ජාතික සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසු​යේ මහනුවර දෙවන රාජසිංහ මාවතේදී සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරී​මේ උත්සවයට මහභාගි වෙමින්​ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගොස් 2002 දී එජාප ආණ්ඩුවක් ලබාගෙන රනිල් එහි අගමැති කරවූ ද චන්ද්‍රිකා බණ්ඩාරනයක ජනපතිනිය සමඟ අගමැතිවරයා ප්‍රශ්න ඇතිකර ගත් නිසා ඇය ආණ්ඩුව විසුරුවා හැරි අතර ඒෙලසම 2005 දී ලබාගත් ආණ්ඩුවට සිදුවූයේද ඒ හා සමාන දෙයක් බවත් හිටපු මන්ත්‍රීවරයා ඒහිදි සදහන් කර සිටියේය.



Recommended Articles