සැප්.12 යෙදී ඇති සිරකරුවන්ගේ දිනයේදී රන්ජන් රාමනායකට නිදහස ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියි.
මේ සම්බන්ධව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වෙතැයි තමන් සිතන බව ද විපක්ෂ නායකවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙදී තිබේ.
— Sajith Premadasa (@sajithpremadasa) September 10, 2021
එදිනට ජනතාවාදී කලාකරුවකු මෙන්ම, ජනහිතකාමී දේශපාලනඥයකුද වන අප හිතවත් රංජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලබනු ඇතැයි මා අපේක්ෂා කරමි. ඒ පිළිබඳව ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුවෙතැයි සිතමි.

