රන්ජන්ට එරෙහි පැමිණිල්ලක් කැඳවිම කල්යයි


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.

මෙම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

එහෙත් ඊයේ දින උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන හේතුවෙන් අද දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දමා තිබේ. ඒ අනුව රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කැඳවීම ද කල් දමා තිබේ.

 

 



Recommended Articles