රන්ජන්ගේ හඬපට ලීක් වුණේ මෙහෙමයි


රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කටහඬ ඇතුළත් සංයුක්ත තැටි සමාජගත වී තිබෙන්නේ ත්‍රි‘රෝද රථ රියදුරෙකු නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ලිපිලේඛන හා සංයුක්ත තැටි සහිත පාර්සලයක් අමතක වී දමා ගොස් තිබෙන බවත්, එම සංයුක්ත තැටි හා ලිපිලේඛන මිරිහාන පොලීසියට භාර දී තිබෙන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ සංයුක්ත තැටිවලින් කිහිපයක් ත්‍රි‘රෝද රථ රියදුරා තබාගෙන තිබෙන බවත්, එම සංයුක්ත තැටි සමාජ මාධ්‍ය හා මාධ්‍ය අතර සංසරණය වන බවද කියා සිටියේය.  

 



Recommended Articles