ෙහිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටී තිබේ.
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට පවතින S සාමාර්ථය C සාමාර්ථයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ.
නීති අධ්‍යාපනය වෙනුවෙන් C සාමාර්ථයක් අවශ්‍ය වීම හේතුවෙන් ඔහු මෙසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ.
“මට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට තිබෙන්නේ S සාමාර්ථයක්. මට නීතිය ඉගෙන ගන්න සාමාන්‍ය පෙළට C සාමාර්ථයක තිබෙන්න ඕන.
ඉතින් මම අද ඇවිල්ලා ඉංග්‍රීසි විෂය කළා. අනිත් ඒවා පාස්. මට තිබුණේ S සාමාර්ථයක්. මට C සාමාර්ථයක් එයි කියලා හිතනවා.
නීතිඥයෙක් වෙන්න C සාමාර්ථයක් ඇති. උසස්පෙළ කරලා ඉවරයි. දෙසැම්බර් 26 ප්‍රතිඵල එනවා.”

