රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට


‍රන් බිස්කට් 18 ක්   සිය ගුද මාර්ගයේ සගවා ගෙන රට තුළට ඇතුළු වීමට තැත් කළ ගුවන් මගියෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු අද දින උදෑසන 7.13 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු 37 හැවිරිදි  මීගමුව ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි .

ඔහුගේ ඇවිදීමේ ගමන් විලාසයේ කිසියම් අසාමාන්‍යතාවයක් දුටු ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් , මොහු සතුව මත්ද්‍රව්‍ය ඇතැයි යන සැකය මත , අත් අඩංගුවට ගෙන තිබුණි .

ඔහු රුපියල් කෝටි 02 ක් පමණ වටිනා , එකක් ග්‍රෑම් 100 ක බරකින් යුතු රන් බිස්කට් 18 ක් මෙසේ සගවා ගෙන තිබුණි .

මෙම රන් බිස්කට් තොගය සමග මෙම ගුවන් මගියා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

 



Recommended Articles