රනගල්ල අමුනේ වාන් දොරටු 10ම විවෘත කරයි


පවතින වැසි තත්ත්වය හමුවේ හීක්කඩුවේ රන්ගල්ල ඇළ අමුනේ වාන් දොරටු දහයම ඊයේ (16දා) විවෘත කිරීමට පියවරගත් බව දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

හික්කඩුව, අලුත්වල,බේරතුඩුව ,තිලකගම ,ගිමාන ,කලූපේ යන ගම්මානවල ගංවතුර තත්ත්වය මග හැරීම සඳහා මේ රන්ගල්ල ඇළ අමුණේ වාන් දොරටු දහයම විවෘත කළ දෙපාර්තමේන්තුව කීවේය.

 වැසි තත්ත්වයට පෙර අමුණේ විවෘත කර තිබුනේ වාන් දොරටු තුනකි.

 කරන්දෙණිය  එම් .සුසිල් ප්‍රියන්ත සහ බද්දෙගම සරත් ආනන්ද



Recommended Articles