රද්දොලුගම වෙඩි තැබීමට සැකකරුවන් 2ක් අත්අඩංගුවට


රද්දොලුගම, නිවාස සංකීර්ණ ක්‍රීඩා පිටියේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය 07 දා මෙම වෙඩි තැබීම සිදුවිය. එම සැකකරුවන් දෙදෙනා ඊයෙ (10දා) විදේශ රටක නිශ්පාදිත රිවෝල්වර ගිණිඅවියක් සමග අත්අඩගුවට ගෙන තිබේ.

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දෙකක රැඳුවුම් නියෝග ලබාගෙන ඇත.

 



Recommended Articles