රථවාහන පාලන DIG ලෙස අජිත් රෝහන පත්කරයි


හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර උතුර දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

ඔහුද අතුළුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනුව වහානම  ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.



Recommended Articles