රථ වාහන දඩ සහනය 14 වැනිදායින් අවසන්


පැවති සංචරණ සීමා නිසා කල් ඉකුත්වූ රථ වාහන දඩ පත‍්‍රිකා සඳහා දඩ මුදල් ගෙවීමට තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ලබාදී තිබූ සහන කාලය මෙම මස 14 වැනිදායින් අවසන් බව තැපැල්පතිවරයා පවසයි.

ඒ අනුව ඔක්තොම්බර් 31 වැනිදා සිට කරන ලද රථවාහන වැරදි සඳහා දඩ පත‍්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව මෙම මස 14 වැනිදා දක්වා අයකර ගන්නා බවත් ඉන් පසුව දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් අයකර භාරගැනීම සිදුකරන බවත් තැපැල්පතිවරයා පවසයි.



Recommended Articles