රතුගල ආදිවාසී නව නායක දානිගල මහ බණ්ඩලාගේ නිශාන්ත


මොනරාගල මඩුල්ල රතුගල ආදිවාසී ගම්මානයේ නව නායක ලෙස අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිල ඇත්තන්ගේ වැඩිමහල් පුත් 24 හැවිරිදි දානිගල මහ බණ්ඩලාගේ නිශාන්ත ඇත්තන් (09) වෙනිදා පත්කර ඇත.

නව වැදි නායකයා වෙත පෙර වැදි නායකවරයා භාවිතා කළ පොරව,ඊතල,දුන්න ඇතුළු සියලු ආම්පන්න දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විසින් චාරිත්‍රයානුකූලව භාරදෙන ලදි.

හිටපු වැදි නායකයාගේ දේහය සහිත මංජුසාව මත මෙම ආම්පන්න  තබා මිහිදන් කරන හා ස්ථානය වෙත පෙරහැරෙන් ගොස් අවසන් කටයුතු චාරිත්‍ර වලින් පසුව නව නායකයා වෙත භාරදෙන ලදි. එහිදී ඌරුවරිගේ වන්නිල ඇත්තන් පැවසුවේ වරිග නාමය ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි.
     
මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles