රත්‍රං කිලෝ 10ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට


කල්පිටිය පාලන්තුඩාව හංදියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකින් පාර්සන් 8ක අසුරන ලද රත්තරං කිලෝ ග්‍රෑම් 10ක් පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අවුරුදු 34ක් වන පුද්ගලයෙකු වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් සුක්ෂන ලෙස ආසනය යට සඟවා විදේශ රටකට යැවීමට ඒවා ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.



Recommended Articles