රත්මලානේ රොහාගේ කල්ලිය සතු ගිනිඅවි සොයාගනි


පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”රත්මලානේ රොහා’’ නැමැත්තාට අයත් ගිනි අවි 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ, කහතුඩුව හෙරලියවල ප‍්‍රදේශයේදීයි.  ඔ 56 වර්ගයේ ගිනිඅවි 03ක් සහ AK- 47 වර්ගයේ ගිනිඅවියක් මෙලෙස සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

”රත්මලානේ රොහා’’ නමැත්තාගේ සමීපතමයින් 04 දෙනෙකු ගල්කිස්ස, කල්දෙමුල්ල ප‍්‍රදේශයේදී ජීව උණ්ඩ තොගයක් ද සමග පොලීසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණි. 

ඒ ටී 56 ගිනිඅවි සඳහා භාවිත කරන පතරොම් 255 ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 04 ක් සහ මයික්‍රෝ වර්ගයේ පතරොම් 03 ක්ද සමගයි.

 



Recommended Articles