රත්මලානේ කුඩු අංජුගේ ගෝල රත්මලානේ රොසා අත්අඩංගුවට


විදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය  ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ අමල් සාමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන "රත්මලාන රෝසා "නමැත්තා" ලක්ෂ 10 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය  සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 

 යුක්තියේ මෙහෙයුමට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන දුම්රිය නිවාස පොළ පාර සැකකරු පදිංචි නිවස ඉදිරිපිටදීය.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්  ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථනය සහ විද්‍යුත් තරාදියක් හා මත්ද්‍රව්‍ය  ජාවාරමෙන්  උපයන ලද රුපියල් 15000/= මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2021  වසරේදී රත්මලාන අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු වන අතර ඊට පෙරද ගල්කිස්ස පොලිසිය මගින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකි.

 වයස අවුරුදු 46ක් වන සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බළකා අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (බුද්ධි) විජේසිංහ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මොරටුව කඳවුරේ විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායම වැටලීම සිදු කර ඇත.

 



Recommended Articles