රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයක වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට


රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයක වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මාලඹේ නගරයේදී අද අත්අඩංගුවට ගෙන ඇ​ත.

ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් දෙකක් සහ සජීව පතරොම් 35 ක් සමග සැකකරු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අත්අඩංගුවට ගත් බවයි.

ඔහු 40 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පිළියන්දල ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.



Recommended Articles