රත්මලාන වැටකෙයියාවත්ත වෙරළතීරයේ අභිරහස් ලෙස මියගොස් තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (31දා) හමුවී ඇතැයි ගල්කිස්ස මූලස්‌ථාන පොලීසිය පැවසීය.
සිදුකල විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා වෙරළ තීරයට නිතර එන යන අයෙක්ද වන බවත් අනන්‍යතාව හෙලිවී නැති බවත්ය.
හදුනා ගැනීමේ කිසිදු සහතිකයක්ද සන්තකයේ නොතිබී ඇති අතර, වයස වසර 75 ක් පමණ පෙනුමක්ද ඇති බවත් පොලීසිය කියයි.
ඒ අනුව පොලීසිය විසින් මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට යැවීමට කටයුතු කරනු ලැබූ බවත් මූලස්ථාන පොලීසිය පැවසීය.