රත්නපුර ඩෙංගු වසන්ගත තත්ත්වයක් ඇතිවීමේ අවධානම


රත්නපුර මහ නගර සභා බලප්‍රදේශය තුල ඩෙංගු රෝග වසංගත තත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇති බව රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩ්‍රිගෝ මහතා 22දා අවධාරණය කලේය.

විශේෂඥ වෛද්‍යවරයෙකුට ද ඩෙංගු රෝගය වැළදි ඇති බව පැවසූ ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රත්නපුර ළය රෝහලේ සහ ශීක්ෂණ මහ රොහලේ, සුළු සේවා කාර්ය මණ්ඩලය, රසායනාගාර නිලධාරීන්, , කාර්යාලීය කාර්ය කාර්ය මණ්ඩලය, විකරණවේදි තාක්ෂණ නිලධාරින්,  හෙද නිලධාරින්, වෛද්‍යවරුන් මෙන්ම සායන සදහා එන රෝගීන් ද වාට්ටුවල නැවතී සිටින නේවාසික රෝගීන් මෙන්ම ඔවුන්ගේ සාත්තුවට ළග සිටින නිරෝගී පුද්ගලයන්ද ඩෙංගු රෝගයට ලක්වීමේ අවදානම දැඩිව පවතින බව ද ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා  කීවේය.

රත්නපුර ළය රෝහල, ශීක්ෂණ මහ රෝහල සහ ඒ ආසන්නයේ ඉදිකෙරිමින් පවතින යෝජිත වෛද්‍ය විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානම දිනෙන් දින ඉහළ යන බව සදහන් කළේය.

ඉදිකෙරිමින් පවතින වෛද්‍ය විද්‍යාල ගොඩනැගිලි පරිශ්‍රයේ සේවය කරන පිරිස අතරින් සිය දෙනෙකුට වැඩි පිරිසක් ඩෙංගු රෝග වැළදීමේ අවදානමට ලක්ව ඇති බවද කීවේය. රෝග ලක්ෂණ මතුවීමත් සමග ඔවුන් සිය නිවෙස් වලට ගොස් ඇති අතර ඔවුන්ගෙන් සමහරු රත්නපුර ප්‍රදේශයෙන් බැහැර පිටස්තර අය බව ද පැවසුවේය.

පවතින වැසි සහිත අයහපත් කාලගුණයත්, ජනතාව සහ නිවෙස්වලින්, ආයතන සහ වෙළදසැල් වලින් අක්‍රමවත් කසළ බැහැරකිරිම් සහ ඉදිකිරිම් පරිශ්‍රයන්හි ඇති ජලය පිරුණු ස්ථාන මෙසේ ඩෙංගු රෝගීන් බිහිවීමට ප්‍රධානම හේතුව බව ද ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානම දිනෙන් දින ඉහළ යන නිසා මේ වනවිට නගරයේ පාසල් බලධාරින් හරහා දරුවන් සහ මව්පියන් දැනුවත් කර ඇති බව ද කීවේය. මේ වනවිට පළාත් ආණ්ඩුකාරතුමියගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකර ඇති බවත් වහාම ඩෙංගු රෝග මර්ධන කාර්ය සංධක බලකායක් පිහිටුවා රෝගය පැතියාම වැලැක්විමට පියවර ගන්නා බවත් රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩ්‍රිගෝ මහතා පැවසුවේය.

නගරයට, ලය රෝහලට, මහ රෝහලට, වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට පැමිණෙන මහජනතාව ගෙනෙන කසළ තැනින් තැන නොදමන ලෙසත් නගරයේ ඇති කසළ බැහැර කිරිමේ ස්ථානවලට පමණක් ඒවා බැහැර කරන ලෙසත් රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩ්‍රිගෝ මහතා කාරුණික ඉල්ලීමක් කරයි.

එමෙන්ම පවතින අන්තර් මෝසම් වැස්සෙන් පසු එළැඹෙන නිරිත දිග මෝසම් වැසි සමයේ ජලය එක්රැස්වන ස්ථාන වැඩිවිය හැකි නිසා සිය ගෙවතු, අවට ප්‍රදේශ ඩෙංගු මදුරු උගුල් ඇති නොවන ලෙස පවත්වාගෙන යාමට වග බලාගන්නා ලෙස ද ඉල්ලීමක් කරයි.

නීතිය හමුවට කෙනෙක් යොමු කිරීමෙන් ඩංගු රෝගය මර්ධනය කළ නොහැකි නිසා සියලු දෙනා සහයෝගයෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමු යැයි රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩ්‍රිගෝ මහතා ඉල්ලා සිටියේය.



Recommended Articles