උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද (13) පස්වරුවේ විවෘත කල බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසයි .
උල්හිටිය රත්කිද ජලාශයේ එක් වාන් ගේට්ටුවක් 0.3 මීටර් බැගින් ද, අනෙක් වාන් ගේට්ටු දෙක 0.2 මීටර් බැගින් ද විවෘත කර තිබෙන බවත් හෙතෙම කීය . මේනිසාවෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි .
2025 යල කන්නයට මහවැලි සී කලාපය සදහා අවශ්‍ය වාරි ජලය නිකුත් කිරිම අවසන් වී ඇති බවත් ජලාශයේ අත්‍යාවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් සදානා ජලමට්ටම අඩු කර ගැනීම නිසාවෙන් මෙසේ වාන් ගේට්ටු විවෘත කල බව ත්, මින් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයයේ කෝසුව භාවිතා කිරිමට බාධාවක් නොවන බවද එහි කාර්යභාර නිළධාරි දීප්ත ජයසේකර මහතා සදහන් කලේය .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්