රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු හතම විවෘත කරයි


උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් අද (17) දින රාත්‍රි  මීට සුලු මොහොතකට පෙර උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කල හෙයින් ජලාශය ට පහළ ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් ආරක්ෂිතව සිටින්නැයි උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා දැනුම් දෙයි .

ඉකුත් දින කීපය මුලුල්ලේ පතිත වූ වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගිය බවත් , ජලාශයේ රදවා ගත යුතු  ප්‍රමාණයට වඩා ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් මෙසේ මීටර් 0.1 බැගින් ජලාශයේ පිටවානේ ගේට්ටු හතම විවෘත කල බවත් හෙතෙම කීය .

ගිරාදුරුකෝට්ට  රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ද මෙම ජල පහරින් යටවී යන හෙයින් එම ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් දැනුම් දී සිටි .

ඇල්ල ප්‍රසාද් රුක්මාල්



Recommended Articles