රණවිරුවන්ගේ ගැටලු බොහොමයකට විසඳුම් ලබාදි අවසන්


රණවිරුවන්ගේ ගැටලු බොහොමයකට විසදුම් ලබා දීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

තවත් සුළු ප්‍රශ්න කිහිපයක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගයේ පිරිසක් අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

දැනට සේවයේ නිරත රණවිරුවන්ගේ මෙන්ම ජීවිතක්ෂයට පත් වූ රණවිරුවන්ගේ ගැටලු කිහිපයක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. එම අවස්ථාවට දිලුම් අමුණුගම , අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එක් වුණා.

 



Recommended Articles