රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ඉතා තදින් කථා කොට තිබෙනවා


රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව රජය එක් වරක් නොව සිය වරක් පමණ දැනුවත් කොට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉතා තදින් කථා කොට තිබෙන බවයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි .

ඒ මහතා ඒ බව පවසා සිටියේ ඊයේ (12) මහනුවර දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ සමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයන්ට පිළිතුරු දෙමිනි . එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය .

අපි ආන්ඩුවේ පාර්ශවයක් විදිහට ඇතැම් සාකච්ඡා සිදු කරන්නේ ප්‍රසිද්ධියේ නොවෙයි . නමුත් රටේ උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව අපි එක සැරයක් නෙවේ සිය සැරයක් පමණ දැනුවත් කර තිබෙනවා, සාකච්ඡා කර තිබෙනවා, ලියුම් ලියා තිබෙනවා . සමහර ප්‍රශ්න පිළිබඳව ඉතා තදින් කථා කොට තිබෙනවා .

යුගදනවි ගිවිසුම පිළිබඳව අපේ අදහස අප රජයට ඉදිරිපත් කර තිබෙනවා . ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මිත්‍ර පක්ෂ සමග අපි ඔක්කොම එක මතකයි සිටින්නේ යැයි ද පැවසීය . පාස්කු ප්‍රහාර සිද්ධියට හිටපු ජනාධිපතිවරයා ට දඬුවම් කළ යුතු යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා ගෙන් විමසූ අවස්ථාවේදී ඊට කිසිවක් නොකියා ඉතා හයියෙන් සිනාසී එම ස්ථානයෙන් නික්ම ගියේය .

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles