රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ විශාල ප්‍රශ්නයක් - වගකීම රජය භාරගත යුතුයි


වැලිගම ප්‍රාදේශීය සභ‍ාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් 'මිදිගම ලසා' ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව, මාධ්‍ය හමුවක් කැඳවමින්, ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම රජය විසින් භාරගත යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියි.

අද වන විට ජාතික ආරක්ෂාව විශාල තර්ජනයකට ලක්ව ඇති බවත්, වත්මන් රජය ය‍ටතේ මෙවැනි සිද්ධීන් 100 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවත්, එයින් 50 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවන අවස්ථාවේදීද අදාල සභාපති ඒ්සඳහා පත්වීමට විරුද්දව විවිධ මැරකල්ලි පැමිණි බවත් ඇතැම් මන්ත්‍රීවරු අතුරුදන් වූ බවත් තවදුරටත් පැවසීය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles