රටේ ඇතිව තිබු ගැටළු සහගත තත්වය හා පීඩනය තාවකාලිකව සමනය වි ඇතත් ඉදිරි අනාගතයේ දි මීටත් වඩා ගැටළු සහගත තත්වයන්ට මුහුණදිමට සිදුවිය හැකි බව ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
මෙවා පාලනය කිරිමට බැරි තත්වයකට රට පත්වුවහොත් මහා සංඝරත්නයට මෙන්ම රජයටද කිරිමට දෙයක් නොමැති බවත් එම නිසා එතනට රට පත්විමට ඉඩනොදි රට රැකගැනිම සියලු දෙනාගේ යුතුකම හා වගකිම බවද කථානායකවරයා ගාල්ල, හබරකඩ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් සදහන් කළේය.
“රටේ පාලකයා රටේ පාලනය අත්හැරලා යනවා කියලා කියන්නේ රට මොන තරම් තත්වයක තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනෙන්නේ දෙන්නේ නැතිව හිටපු ගමන් ගියවිට මොනතරම් ප්‍රශ්නයක් ගැටළුවක් පිඩනයක් රටේ තියෙන්න ඇද්ද, ඒ පිඩනය ගැටළුව නැතිවුනේ නැහැ. ඒක තාම තියෙනවා. තාවකාලිකව යටපත්විමක් තමයි තියෙන්නේ පොඩි සමනයක් වෙලා තියෙනවා.
මේ අවස්ථාවේ විහාරස්ථාන ඇතුළු සියලු දෙනාට විදුලි බිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා තියෙනවා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරිමට සිදුවෙලා තියෙනවා. බොහොම කල්පනාවෙන් විදුලි බිල හා ජල බිල පිරිමහගෙන පාවිච්කිරිමට සිදුවෙලා තියෙනවා.
නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට ඒක කරන්න බැහැ. විහාරස්ථාන පොදු ස්ථානයන්. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඉදිරියේ දි ජනාධිපතිතුමා අගමැතිතුමා, විදුලිබල ඇමතිතුමා සමග කථාබහකරලා විහාරස්ථාන සදහා සහනයක් ලබාදිමට කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා” යැයිද කථානායකවරයා සදහන් කළේය.