රටේ අපරාධ හා පාතාල කල්ලි ක්‍රියාකාරිත්වය අවම මට්ටමක


ඉකුත් කාලය තුළ බස්නාහිර පළාතේ සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුවූ සංවිධානාත්මක අපරාධ හා පාතාල කල්ලි ක්‍රියාකාරීත්වය අද වනවිට අවම වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

කොවිඩ් හේතුවෙන් ආඩාල වි තිබු මත්ද්‍රව්‍ය වැටලිම් හා අපරාධ නිවාරණ වැඩපිළිවෙල යළිත් පොලීසිය විසින් නැවැත ආරම්භ කිරිමට සුදානම් බවත් ඒ අනුව අපරාධ වලින් තොර සමාජයක් නිර්මාණය කිරිම හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මතුගම වරකාගොඩ ප්‍රජා පොලිස් ඒකකය සහ අමා වැස්ස සංවිධානය එක්ව සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 



Recommended Articles