රටක් දියුණු කිරීමට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් විය යුතු බවත්, පෞද්ගලිකව වාහන භාවිතා කර රට දියුණු කළ නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අවාසනාවට රටේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීම අඩු වී පෞද්ගලික වාහන භාවිතය ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා මධ්‍යම පාන්තිකයින්ටත් දුම්රිය භාවිතා කළ හැකි බවත්, දුම්රිය සේවය දියුණු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම වැඩපිළිවෙළ යටතේ අලුතින් දුම්රියන් එකතු කිරීමට හා අලුතින් දුම්රිය මාර්ග ඉදිකර පහසුකම් වැඩි කරන බවත් ඔහු පවසා සිටියේය.
හරිත දුම්රියපොළ වැඩසටහන යටතේ දුම්රියපොළවල්වල ශාක සිටුවීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අද (01දා) සහභාගී වෙමින් සඳහන් කළේය.

