රට තුළ බලපත්‍ර සහිත නිත්‍යනුකූල මත්පැන් අලෙවි සැල් 4,570ක්, වැඩිම කොළඹ, අඩුම කිලිනොච්චිය


මෙරට තුළ වර්තමානයේ බලපත්‍ර සහිත නිත්‍යනුකූල මත්පැන් අලෙවි සැල් 4,570ක් තිබෙන බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ අතරින් වැඩිම මත්පැන් අලෙවි සැල් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින අතර, එම සංඛ්‍යාව 849ක් වේ.

අඩුම මත්පැන් අලෙවි සැල් සංඛ්‍යාවක් තිබෙන දිස්ත්‍රික්කය කිලිනොච්චිය දිස්ත්‍රික්කය වන අතර, එම දිසිත්‍රික්කය තුළ මත්පැන් අලෙවි සැල් 6ක් තිබේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 684ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 359ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 307ක්ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 248ක්ද, මාතර දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 207ක්ද බලපත්‍ර සහිතව නිත්‍යනුකූලව පවත්වාගෙන යනු ලැබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 197ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 185ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 175ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 155ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 152ක්ද, මාතලේ දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 148ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 135ක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 118ක්ද සහ මොණරාගල දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 113ක්ද බලපත්‍ර සහිතව නිත්‍යනුකූලව පවත්වාගෙන යනු ලැබේ.

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 85ක්ද, යාපනය දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 85ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 77ක්ද, අම්පාර දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 72ක්ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 64ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 30ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 13ක්ද සහ මුලතිව් දිස්ත්‍රික්කයේ මත්පැන් අලෙවි සැල් 8ක්ද බලපත්‍ර සහිතව නිත්‍යනුකූලව පවත්වාගෙන යනු ලැබේ.

මීට අමතරව සුරාබදු ර.බී. 11 වර්ගය යටතේ අවන්හල් 689ක්ද, සුරාබදු ර.බී. 22 බී වර්ගයට යටතේ අවන්හල් 211ක්ද, මෘදු මත්පැන් අවසරය යටතේ අවන්හල් 449ක්ද ලෙස මත්පැන් බලපත්‍ර සහිත නිත්‍යනුකූලව පවත්වාගෙන යනු ලබන අවන්හල් 1,349ක්ද වර්තමානයේ පවත්වාගෙන යනු ලැබේ.

කෙසේ වෙතත් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නව මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද යන්න කිව නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා යොමුකළ ප්‍රශ්නයකට මුදල් අමාත්‍යාංශය ලබාදුන් පිළිතුරේ සඳහන් කර ඇත.

ඒ අනුව ඉල්ලීම් ඉදිරිපත් වන ආකාරය අනුව හා රාජ්‍ය ප්‍රතිපත්තිය මත සුරාබදු පනතේ විධිවිධාන ප්‍රකාරව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මාර්ගෝපදේශ හා කොන්දේසි සපුරනු ලබන්නන්ට පමණක් සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාව පවතින බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් අදාළ පිළිතුර මගින් සඳහන් කර තිබේ.



Recommended Articles