රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කටුනායකින් ගෙදර යයි


ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා පැය 06 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 05.15 ට පමණ නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව ඔවුන් තිදෙනා වෑන් රථ තුනකින් යාපනය සිය ගම් ප්‍රදේශ බලා පිටත්ව ගියහ.



Recommended Articles