රජිනිකාන්ත්ට ලංකාවට එන්න ආරාධනා


ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවෙකු වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාව ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී. වෙන්කේෂ්වරන් මහතා රජිනිකාන්ත් මහතාගේ නිවසට ගොස් මෙම ආරාධනාව කර තිබේ.

ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ 'රාමායණ මංපෙත' සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කරන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රජිනිකාන්ත් වෙත ආරාධනා කළේය.



Recommended Articles