රජරට වෛද්‍ය පීඨ ආචාර්යවරු සරසවි ඉතිහාසය වෙනස් කරති


රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට හා අංශ ප්‍රධානීන්ට ලබාදුන් රඳවා ගැනීමේ දීමනාව ඉවත් කිරීමට එරෙහිව එහි වෛද්‍ය  පිඨයේ පීඨාධිපති තනතුර ඇතුළු ආචාර්යවරුන් සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

උපකුලපතිවරයා විසින් මෙම දීමනාව අහිමි කර තිබෙන බවත්, මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග සති තුනක් පුරා සාකච්ඡා කළ බවත් හෙතෙම පවසා සිටියේය.

එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් උපකුලපති තනතුර හැර වෛද්‍ය පීඨයේ පවතින තනතුරුවල සේවය කරන සියලු දෙනා අද (09දා) දහවල් 12 තනතුරුවලින් ඉවත් වූ බවත්, ගැටලු විසඳනතෙක් ඉගැන්වීම් කටයුතු අකුරට සිදු කිරීමට තීරණය කළ බවත් හෙතෙම පවසා සිටියේය.

විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පවතින සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

 



Recommended Articles