රජයේ හා පෞද්ගලික රෝහල්වල COVID ICU පිරෙයි


රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල කොවිඩ් ICU කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බව වාර්තා වෙයි. ප්‍රකට දේශක තිස්ස ජනනායක මහතා සිය ෆේස්බුක් පිටුවට දක්වා ඇති සටහනකින්ද මේ බව තහවුරු වෙයි.

මේ ඔහුගේ සටහනයි.

මංජුල විජේසූරිය සමුගනියි.

ඊයේ රාත්‍රියේ හදිසි  හෘදයාබාධයක් හේතුවෙන් වතුපිටිවල  රෝහලට ඇතුළත් කල අපගේ සහෘදයා  මංජුල විජේසූරිය Rapid  Antigen පරීක්ෂාව  positive වීම නිසා සාමාන්‍ය  ICU එකකට ඇතුලත් කල නොහැකි විය. අද උදෑසන  සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක විය.

අවසානයේ ඔහු අපෙන් සමුගෙන ගොසිනි . ආදරණීය මානවහිතවාදී සහෘදය, ඔබට නිවන් සුව පතමු !

සියලු දෙනා හැකිතාක් ප්‍රවේශම් වන්න.

 



Recommended Articles