රජයේ සායන තුළින් ප්‍රතිකාර ගන්න අයගේ ඖෂධ හෙට සිට නිවසටම


හෙට සිට රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

වර්තමානයේ රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝග සහිතව වයස්ගත ජන කොටස් රෝහල් සායන වෙත පැමිණිම නොසුදුස්‍රු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

රෝහල් සායනවල පවතින අධික තදබදය හේතුවෙන් රෝගින්ට මෙම රෝගය පහසුවෙන් බෝවිය හැකි බැවන් හෙට සිට සායනික ඹෟෂධ නිවෙස් වෙත ලබාදිමට වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

 



Recommended Articles