රජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී


දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කො​ට ඇත.

1.රජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී පැවැත්වෙන අතර​ම එහිදී ඉදිරි මාස දෙකක් සඳහා ඖෂධ නිකුත් කරනු ලැබේ.

2. වෛද්‍ය සායනයට ඔබ පැමිණීම නිර්දේශ නොකරන අතර නිරෝගී වගකිවයුතු පුද්ගලයෙකු අත, ඔබගේ සායන වාර්තාව (ක්ලිනික් පොත) එවා ඖෂධ ලබා ගත හැක.

3.යම් හේතුවකින් නියමිත සායන දිනයේ ඖෂධ ලබා ගැනීමට නොහැකි වුවහොත්, ඔනෑම සතියේ දිනකදී, රෝහලේ බාහිර රෝගී අංශයෙන් ඔබගේ නියමිත ඖෂධ ලබා ගත හැක.



Recommended Articles