රජයේ මුද්‍රණාලයට හමුදා හා පොලිස් ආරක්ෂාව


බොරැල්ල රජයේ මුද්‍රණාලයට මීට සුළු මොහොතකට පෙර දී යුද්ධ හමුදාව සහ පොලිසියේ විශාල බල ඇණියක් කැඳවා ඇතැයි වෘතීය සමිති ආරංචි මාර්ග සනාථ කරයි. කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුර දී මෙම බලඇණිය කැඳවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. යුද හමුදා නිලධාරීන් සිය දෙනකු පමණ සහ නිලධාරීන් පනස් දෙනකු පමණ එම ආයතන භූමියට කැඳවා ඇතැයි ද  දැනගන්නට ඇත.



Recommended Articles