රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මන්ත්‍රීවරු 21ක්


නව වැනි පාර්ලිමේන්තු තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු තේරීම් කාරක සභාව විසින් නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ස්ථාවර නියෝග 121 විදිවිධාන ප්‍රකාරව සහ  පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් යෝජනාව ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් මෙම නම් කිරීම් සිදු කර තිබේ.

මෙවර කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් නම් කිරීමේදී දෙවැනි සභාවාරයේ සේවය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 06 දෙනෙකුගේ වෙනසක් සිදු කර ඇත.

ඒ අනුව දෙවැනි සභාවාරයේ රජයේ මුදල් කාරක සභාවේ කටයුතු කළ කංචන විජේසේකර, මනූෂ නානායක්කාර, ඩිලාන් පෙරේරා, කුමාර වෙල්ගම, සරත් වීරසේකර සහ නාලක ගොඩහේවා යන මන්ත්‍රීවරැන් මෙවර නම් කර නොමැත.

ඒ වෙනුවට දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, සිරිපාල ගම්ලත්, වෛද්‍ය සීතා අරඹේපොල, හර්ෂණ රාජකරැණා සහ චමින්ද විජේසිරි  යන මන්ත්‍රීවරැන් මෙරව නම් කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට පත් කිරීම හේතුවෙන් මෙලස කාරක සභාවෙන් ඉවත් කර ඇති අතර, සෙසු මන්ත්‍රීවරැන් විවිද හේතූන් මත ඉවත් කිරීම සිදු කර ඇත.

ඒ අනුව රජයේ මුදල් කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කළ මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.

  1. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක
  3. අමාත්‍ය නලීන් ප්‍රනාන්දු
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා
  5. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
  6. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක
  7. පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ
  8. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
  9. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
  10. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරැද්ධ
  11. පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්
  12. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සීතා අරඹේපොල
  13. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන්
  14. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්
  15. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන
  16. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
  17. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරැණා
  18. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි
  19.  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරැ දොඩංගොඩ
  20. පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල්
  21.  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර


Recommended Articles