රජයේ මුදල් කාරක සභාවට වෙල්ගම සහ මනුෂ පත් කරයි


රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පත් කර ඇති බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කලේය.

මෙම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ පාර්ල්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින්  ඔවුන් දෙදෙනා නම්කර  තිබේ.

 



Recommended Articles