රජයේ තෝරා ගත් රෝහල් 15ක සුර්ය විදුලි උත්පාදනය කඩිනම් කෙරේ


රජයේ තෝරාගත් රෝහල් 15 ක සූර්ය විදුලි උත්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පුනර්ජනනීය බලශක්තිය සියයට 70 ක් දක්වා ඉහළ නැංවීම අරමුණයි.

තෝරාගත් රෝහල් 15 ක සූර්ය පැනල සවිකර පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීම සම්බන්ධ ව්‍යාපෘති පිළිබද සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද ඊට එක්ව සිටියා. පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම සදහා වන ව්‍යාපෘති රැසක් දැනටමත් ආරම්භකර තිබෙනවා. එහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙසයි රෝහල්වල සූර්ය පැනල සවිකෙරෙන්නේ.

 



Recommended Articles