රජයේ ඉහළ නිලධාරියෙක් බීමත්ව සිටීම නිසා ගුවන් යානයෙන් බස්සවයි


ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායතනයේ ප්‍රධාන නිලධාරීවරයෙක් අධික ලෙස බීමත්ව සිටීම නිසා, ඔහු ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයෙන් බස්සවා තිබේ.

මෙම නිලධාරියා  අද අලුයම අලුයම 3.15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියිමත වූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරණ ගුවන් යානයට ගොඩ වී අසුන් ගෙන සිටියේය.

ඒ වනවිටත් ඔහු අධික ලෙස බීමත්ව සිටීම නිසා , එම ගුවන් ගමනට ඔහුගෙන් බාධා එල්ලවිය හැකි නිසා   ගුවන් යානා කාර්යය මණ්ඩලය මෙම නිලධාරීවරයා මෙම ගුවන් යානයෙන් බස්සවා ගෙන , ලිඛිත ප්‍රකාශයක් ද සමගින් කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් වෙත භාර දී තිබේ.

ටී.කේ.ජි. කපිල

 

 



Recommended Articles