රජයේ ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටිනවා - අස්ගිරි මහා නාහිමි


ජනතාව දැඩිපීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිද භාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤානරතන නාහිමියෝ පැවැසූහ .

මහා නායක හිමියන් ඒ බව අවධාරණය කර සිටියේ රජයේ හවුල්කාර පක්ෂ 11ක සාමාජිකයෝ අද (24දා) උන් වහන්සේ බැහැදැක   මුළු රටම හරිමගට නම් ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය . එහිදී මහා නා හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසීය .

රටේ නායකයන් සියල්ලට ප්‍රථමයෙන් සිතිය යුත්තේ රට ගැනයි . ජනතාව ගැනයි . මොනව කරන්නත් අපිට රටක් තිබිය යුතුයි . අද මේ රටේ ජනතාවට ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා . මෙහෙම ගියොත් රටත් විකුණයි ද කියන සැකය ජනතාවට මතුවෙලා තිබෙනවා යැයිද මහනාහිමියන් පැවසීය .

ෂේන් සෙනෙවිරත්න 

 



Recommended Articles