රජයේ ආයතන වාහන ගැන වාර්තාවක් කැබිනට් මණ්ඩලයට


රජයේ ආයතන සතු වාහන අතුරින් ධාවන තත්ත්වයේ ඇති වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ වන විට අමාත්‍යංශ, රජයේ ආයතන, රාජ්‍ය ව්‍යාපාර සහ පළාත් සභා හා පළාත් පාලන ආයතන සතුව වාහන 82,194 ක් පවතියි.

ඒ අතුරින් වාහන 76,661 ක් ධාවන තත්ත්වයේ පවතින අතර වාහන 5,533 ක් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බවයි කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.



Recommended Articles