සැඟ වූ පොහොර තොග වෙළඳපොළට නිකුත් කරන්නැයි, රජය වෙළෙඳුන්ට දැනුම් දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් පොහොර වෙළඳුන් ආනයනය කර ඇති රසායනික පොහොර තොග සැඟවීමට පටන් ගෙන ඇති බවයි.
මෙම වසරේදී රසායනික පොහොර ආනයනය සඳහා අවසර නොලැබෙන බැවින් පොහොර සඟවා තැබීමෙන් ඵලක් නොවන බවටයි රජය දැනුම් දෙන්නේ.
රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතය මෙන්ම ආනයනය නතර කිරීමට රජය පසුගිය දා තීරණය කළේ, හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණිනි.

