රජය හෙට සිට වි මිලදි ගනි


යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හෙට (01) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වලින් වී තොග මිලදී ගන්නා බවත් නාඩු කිලෝවක් රුපියල් 50 කටත් සම්බා කිලෝවක් රුපියල් 52 කටත් තෙත වී කිලෝවක් රුපියල් 44 තට මිලදී ගන්නා බව හෙතෙම කියයි.

මෙවර යල කන්නයෙන් වී මෙට්‍රික් ටොන් විසිදෙලක්ෂ පනස්දහසක් ලැබෙනු ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

වී මිලට ගත් මොහොතේම මුදල් ලබා දෙන බවද ඇමැතිවරයා කියයි.

 



Recommended Articles