රජය වී මිලදී ගැනීම ලබන සඳුදා අරඹයි


වී අලෙවි මණ්ඩලය මගින් එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝ එකක් රුපියල් 130, කීරි සම්බා කිලෝ එකක් රුපියල් 140ක් වැනි මිලකට බවත් පැවසූ ඒ මහතා වී මිලදී ගැනීම සඳහා මේ වන විට ගබඩා අත්පත් කර ගැනීම් සිදුකර ඇති බවත් මෙහිදී පැවසීය.

රජය මිගින් වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති බවත් ඊට අමතරව ඔඩපන ණය යටතේ රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර ඇති බවත් පැවසූ ඒ මහතා මේ මගින් කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට වී තොග රැස් කරගැනීම සඳහා පහසුකම් සලසා දී ඇතැයිද මෙම කාර්ය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන බවද පැවසීය.



Recommended Articles