පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදීය. මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින් ලංකාවට දන්වා ඇති බවත් ඔහු පැවැසීය.
"මේ වගකීමෙන් මම නිදහස් වෙන්න කැමති නෑ. මේ වගකීම රජය භාරගත යුතුයි. රජය භාර ගන්න කොට බුද්ධි අංශ මාරුකිරිම, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාන එක, ආරක්ෂක අංශ දුර්වල කරපු එක වගකීම රජය භාර ගන්න ඕන.
මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා කිසිසේතම තම වගකීම ඉටුකර නෑ. අඩුගානේ මට කෝල් එකක් දීලා නෑ.
මේ දෙන්නම අප්‍රේල් 14 දා මට බුලත් දුන්නා. ඒ වෙලාවෙත් මට කිව්වේ නෑ. බුලත් දීලා යන්න ගියා. මේ බරපතල වගකීමක් පැහැර හැරීම දේපළ විනාශය, ජිවිත විනාශය, සංචාරක ව්‍යාපාරයේ බලපෑම ආර්ථිකයේ බලපෑම ඒ නිසා තමයි මම කිව්වේ දෙදෙනාටම ඉල්ලා අස්වෙන්න කියලා. ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුණා. මම අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් පත්කරනවා. පොලිස්පති ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කළා. මම හිතනවා අද පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙයි කියලා."