රජය භාරයට ගත් සීනි තොග පාලන මිලක් යටතේ ජනතාවට


රජය භාරයට ගත් සීනි තොග පාලන මිලක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික වෙළඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

පසුගිය දින කිහිපය පුරා සිදුකළ වැටලීම්වලින් සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් රජයේ භාරයට ගෙන තිබේ.

සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදුකර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.



Recommended Articles