යොහානිට කොළඹින් ඉඩමක්


ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වාට කොළඹින් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ඇයට ලබාදීමට සූදානම් බවද වාර්තා විය.
යොහානි ද සිල්වා ගායිකාවට පර්චස් 09ක පමණ ඉඩමක් රජයෙන් ලබාදෙන ත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය. මේ පිළිබඳ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බවද වාර්තා විය.


Recommended Articles