යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී


මැණිගේ මගේ හිතේ ගීතය හරහා ජාත්‍යන්තරයට ගිය යොහානි ද සිල්වාගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බව ඇය සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.

ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි මෙම ප්‍රසංග දෙක පැවැත්වීමට නියමිතය.

සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය සිය ෆේස්බුක් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.



Recommended Articles